නවක වදය සහ නීතිය ⚖️🖤



නවක වදයෙන් බේරිලා ජේෂ්ඨ උත්තමයංව හිරගෙදර ටුවර් එකකට යවමුද? 😌 


ආදාර අනුබල දීල ඊට සහභාගීවී ඔබටත් අවුරුදු 2 ක හිරගෙදර visa ලබාගන්න පුලුවන් 😌


⭕️නවක වදය සම්බන්ධයෙන් නීතිමය තත්වය පිළිබඳව සදහන් වනුයේ 1998 අංක 20 දරණ නවක වදය වැලැක්වීමේ පනතයි.


⭕️ එම පනතට අනුව කිසිදු ආකාරයකින් පුද්ගලයෙකු 


1.නවක වදයට ලක් කිරීම.

2.සාපරාදී බියගැන්වීම

3.අඩස්සියට ගැනීම

4.අයුතුලෙස අවහිර කිරීම 

5.අයුතු ලෙස සිරකර තැබීම

6.ආයතනික දේපල වලට හානි කිරීම තහනම් වනු ඇත .


⭕️නවකවදය සිදුකිරීම පමණක් නොව ඊට සම්බන්ධ වීමද මෙම පනත යටතේ අපරාධමය වරදක් වේ. 


⭕️මෙම පනත අනුව නවක වදය සිදුකරන හෝ එහිලා සහභාගී වන ඕනෑම පුද්ගලයෙකුට වසර 2 1/2 බරපතල වැඩසහිත සිරදඩුවමක්ද හානි පූර්ණයට දඩ නියම කිරීමටද හැකියාව පවතී "ඒ අනුව නවක වදය සිදුකරන්නන් මෙන්ම එයට කැමැත්තෙන් ලක්වන්නන්ද අපරාදකරුවන් වේ." 


ජේෂ්ඨ උත්තමයං නොවේ🥱 අපරාධකරුවන්

බැජාලා බැජීල නෙමේ උනුත් අපරාධකරුවන්


⭕️මෙම පනතේ විධිවිධාන වලට අනුව නවක වදය මුවාවෙන් ලිංගික අතවරයක් හෝ බරපතල තුවාල කරතොත් මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදීමටද නොහැකිවේ.  (2(2)වගන්තිය) 


⭕️එමෙන්ම 4 වන වගන්ති ප්‍රකාරව අඩස්සියට ගැනීමකදී ද ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට නොහැක. ඇප ලබාදීමට හැකිවනුයේ මහාධිකරණයට පමණි එහිදීද ඇප ලබාදීම ප්‍රතික්ශේප කිරීමට හැකියාව පවතී(9(1)වගන්තිය). 


⭕️එවැනි අවස්තාවක වසර 10 බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වේ.


සැ.යු - පෞද්ගලික පලිගැනීමකට නොව පුරවැසියෙකු ලෙස මෙන්ම නීතිසිසුවෙකු ලෙස පවතින නීති තත්වය පිළිබද දැනුවත් කිරීමට මෙය පලකරන ලදි.


#lawislife

#lawissupreme

#lawsave