2013.06.26 වන දින මම හංසන කියන යාළුවත් එක්ක පාසැලට යන විටම නියෝජ්‍ය විදුහල්පති මුතුකුමාර කියන සර් කතා කළා. මම සර් ළඟට ගියා.
, ”උඹ මොකක්ද කා.ලකණ්ණියෝ කළේ, උඹ මොකද මැඩම්ට ගන්න තිබ්බ තෑග්ග ගත්තේ, උඹ ඉස්කෝලේ නම කැත කළා” කියා බැන්නා. මට අතින් ග.හන්න හැදුවා.
එවිට මම පිටිපස්සට පැන්නා. මට ඔෆිස් එක ළඟින් ඉන්න කිව්වා.
සර් මැඩම් එක්ක කතා කරලා ඇවිත්, ”උඹ පංතියට පළයං, රැස්වීමෙදි බලාගන්නම්” කිව්වා.
මම පංතියට ගියා. පස්සේ රැස්වීමට ගිහින් ශිෂ්‍ය ප්රතිඥව කියන විට මැඩම් වේවැලක් අරන් ආවා.
ශිෂ්‍ය ප්රතිඥව කියලා ඉවර වුණාම මැඩම් වේවැල මගේ පැත්තට දික් කරලා කතා කළා. වෙන ළමයෙක් යන්න හදනකොට, නෑ නෑ ඉෂාර එන්න කිව්වා.
මම ඉස්සරහට ගියාම, ”උඹ මොකක්ද කා.ලක.ණ්ණියෝ කළේ?
ඇමතිතුමාගෙන් මට ගන්න තිබුණු තෑග්ග උඹ ගත්තේ?
උඹට කූඩු හදන්න නූල් පොටක්වත් උදව් වුණාද, කාලකණ්ණියෝ උඹ ඉස්කෝලේ නම කෑවා”
කියා මට ළමයි ඉස්සරහදීම වේවැලෙන් පිටට පහරවල් 10 ක් විතර ගැහුවා.
පහරදීම නවත්තලා මගෙන් ඇහුවා, ”උඹ ඕ.අයි.සී. මහත්තයා ළඟට ගිහින් කිව්වේ මාව ඇරස් කරන්නද, ගිහින් පුළුවන් හරියක් කරපං” කියා මට නැවතත් ප.හරදුන්නා.
ඒ පාර වේවැල් පාරවල් 5-6 ක් පමණ ගැ.හුවා.
ආයෙත් පහරදෙන එක නවත්තලා ඇහුවා,
”උඹ ලියුම් කවර දෙකක් ගත්තා නේද ස්ටේජ් එකේදි” කියලා.
මම කිව්වා මම නෙමෙයි දෙකක් ගත්තේ හංසන වැරදිලා දෙකක් අරගෙන තියෙන්නේ කියලා.
කෝ අනිත් එක කියලා ඇහුවා. වැරදිලා ගත්ත එක ආපහු එයා දුන්නා කිව්වා.
එවිට බොරු කියන්න එපා කියලා නැවතත් වේවැලෙන් පහරවල් 6-7 ක් ගැ.හුවා.
පළයං කියලා මාව එළෙව්වා. ඊට පස්සේ මැඩම් කොහෙද ගියා.
නියෝජ්‍ය විදුහල්පති මුතුකුමාර සර් රැස්වීමේ කතා කරලා කිව්වා, අද දඬුවම් කළේ කූඩු තරගෙ පිළිබඳව, ඉතුරු දඬුවම් හා තෑගි මුදල බෙදා දීම සඳුදා කියලා.
මට පහරදෙන විට ඉස්කෝලේ සියලූ ළමයිනුත් ගුරුවරුත් බලා සිටියා.
මිස්ලා දෙතුන් දෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා මොකද කියලා. මම විස්තර කිව්වා. එවිට ඕවා ගණන් ගන්න එපා කිව්වා.
සමහර ළමයි විස්තර ඇහුවා.
මගේ නංගිත් රැස්වීමේ හිටියා. මට හරියට ලැජ්ජා හිතුණා. දුකත් හිතුණා. තරහත් හිතුණා.
ඒ වෙලාවේ පිට හරියට දැවිල්ල ගත්තා. පුටුවට හේත්තු වෙන්නත් බැරි වුණා. අමාරුවෙන් පංතියේ වැඩ කරගෙන ගියා.
අමාරු නිසා මම හවස පංති වලට ඉන්නේ නැතිව ගෙදර යන්න හැදුවා. එවිට තිළිණ සර් කිව්වා, විභාගෙත් ළඟ නිසා පංතිවලට ඉඳලා යන්න කියලා.
1.30-2.30 වෙනතුරු බුද්ධාගම පංතියත්, 2.30-3.45 වෙනතුරු තොරතුරු තාක්ෂණ විෂයත් ඉගැන්නුවා. ඊට පස්සේ මම ගෙදර ගියා.
නංගී නිදාගෙන හිටියා. මම බත් කෑවෙත් නැහැ. මට ඉස්කෝලෙදි මැඩම් ගහපු එකට ගොඩක් ලැජ්ජයි, දුකයි. ඒක නිසා මම අම්මටයි, තාත්තටයි ලියුමක් ලිව්වා,
”මට මැඩම් ගැහුවා, ඒක හින්දා මම ගෙදරින් යනවා” කියලා. මම ගෙදරට එහා පැත්තේ තියෙන කැළේට ගිහින් ගල උඩට වෙලා රෑ වෙනකං කල්පනා කර කර හිටියා.
ඊට පස්සේ හැන්දෑවේ තාත්තායි අම්මායි තවත් කට්ට්ය මාව හොයාගෙන ආවා.
ඊට පස්සේ ඒ අය මාව ගෙදර එක්කගෙන ගිහින් මට ගහපු පාරවල් පරික්ෂා කරලා බලලා මගෙන් සිද්ධිය ඇහුවා.
මාව තාත්තා පොලිසියට එක්කගෙන ගියා. තාත්තා පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. පොලිසියෙන් රෝහල් ගතවෙන්න කියලා පෝරමයක් දුන්නා. තාත්තා මාව නාගොඩ රෝහලට එක්කගෙන ගියා. 5 බී වාට්ටුවේ මාව නතර කළා.
රෝහල් පොලීසියෙන් පැමිණ මගෙන් විස්තර ඇහුවා. දොඩංගොඩ පොලීසියෙන් පැමිණ මගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා.
කළුතර දකුණ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ මල්කා නමැති නිලධාරිණිය පැමිණ මගෙන් විස්තර අහලා ගියා.
අධිකරණ වෛද්‍යවරයා මාව පරික්ෂා කර බැලූවා.
2013.06.27 වන දින සවස රෝහලෙන් මාව ටිකට් කපා නිදහස් කළා.
---------------------------------------------
පසු සටහන:
පාසැල දොඩම්ගොඩ නවෝද්‍යා විද්‍යාලය
විදුහල්පති සරෝජිනි නිර්මලා කොතලාවල
(වර්තමානයේ කලුතර වේලාපුර මහා විද්‍යාලයේ විදුහල්පති)
සිදුවීමට එරෙහිව දරුවාගේ මව්පියන් නීතිය හමුවට ගියා. අවුරුදු 10ක් නඩු කිව්වා. පහුගිය 14 වෙනිදා තීන්දුව ලැබුනා. තම භාරයේ සිටි දරුවෙකු කෲරත්වයට පත්කිරීමේ චෝදනාවට විදුහල්පතිනිය වරද පිලිගත්තා. රුපියල් ලක්ෂ 10ක් දරුවාට වන්දි ගෙවන ලෙසට නියෝ කළා.
අධ්‍යාපන අමාත්‍යාංශය සිද්ධිය යට ගැහුවා අද වෙනකම්ම)
පෙර සටහන් මෙතනින්එක්ස් නම් සිසුවා 2013 වසරේදී ඉගෙනුම ලැබුවේ දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේය. එම වසරේ පොසොන් උත්සවය නිමිත්තෙන් දොඩන්ගොඩ පොලිසිය විසින් පහන් කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර ඒ වෙනුවෙන් සිසුවා විසින් ඉදිරිපත් කරන ලද බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුව මෙම ඡායාරූපයේ දැක්වේ.
තරගයෙන් මෙම නිර්මාණය පළමු තෑග්ග දිනාගත් අතර ඒ වෙනුවෙන් හිමි ත්‍යාගය ඔහු වේදිකාව මතදී ලබාගත්තේය. පාසලේ නම ප්‍රකාශය වූ අවස්ථාවේ සිසුවා වේදිකාවට නැග ත්‍යාගය ලබාගැනීම පිළිබඳ කුපිත වූ එම පාසලේ විදුහල්පතිනිය වූ සරෝජිනී නිර්මලා කොතලාවල ඒ මොහොතේම ත්‍යාග මුදල වූ රු. 15,000 උදුරාගත් අතර පසුව සිසුවාට පහර දුන්නාය.
ඒ පිළිබඳ ඒ දිනවල පළ වූ වාර්තාවක් මෙසේය:
දොඩන්ගොඩ පොසොන් කූඩු තරගයක් පැවැත්වුණා. මම තරගයට ඉදිරිපත් වීමට දොඩන්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමා හමුවුණා. ඔහු මට අයෑදුම්පත්‍රයක් දී විදුහල්පතිනියගේ මාර්ගයෙන් ඉදිරිපත් කරන්නැයි කීවා. මං විදුහල්පතිනියගෙන් අවසර ලබාගෙන අයදුම්පත පොලිසියට දී තරගයට ඉදිරිපත් වීමට ලස්සන පොසොන් කූඩුවක් හැදුවා. පොසොන් පොහෝ දින කූඩුව ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළා. පොසොන් කූඩු තරගයට අප පාසලෙන් මං ඉදිරිපත් කළ කූඩුවට ප්‍රථම ස්ථානය හිමිවුණා.
පොසොන් කූඩු තරගයේ ත්‍යාග ප්රදානය කළ දා පාසලෙන් මං ඉදිරිපත් කළ කූඩුවට ත්‍යාග මුදල් හිමිවුණා. පාසලේ නම කියන විට මං ගිහින් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අතින් ත්‍යාග මුදල් ලබාගත්තා.
මං වේදිකාවෙන් බැස එන විට විදුහල්පතිනිය මා අත තිබූ මුදල් උදුරා ගත්තා. මං වේදිකාවට නැගල ගන්න තිබූ ත්‍යාග මුදල් උඹ ගත්තේ ඇයි දැයි ඇසුවා.
26 වැනිදා මා පාසල් ගියා. පාසලේ උදැසන රැස්වීමේදී මුතුකුමාර සර් මං ළඟට පැමිණ “මැඩම් ගන්න හිටපු ත්‍යාග මුදල් උඹ ගත්තේ ඇයි? රැස්වීම අවසන් වුණාට පස්සේ මැඩම් හමුවන්න” කීවා. රැස්වීමෙන් පසුව මට මැඩම් ගැසුවා. වේවැල් පාරවල් 20 ක් පමණ ගැසුවා. මට වේදනාවක් ඇතිවුණා. මං පාසලේ බියෙන් සිටියා.
රාත්‍රියේ තාත්තා හා අම්මා මාව පරීක්ෂා කළා. තුවාල දැක දොඩන්ගොඩ පොලිසියට එක්කරගෙන ගොස් පැමිණිල්ලක් දැම්මා. තුවාල පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් මට රෝහලට ඇතුළත් වෙන්න ලිපියක් දුන්නා. 26 වැනිදා රාත්‍රි රෝහලට ඇතුළත් වුණා.
පහර කෑමට ලක් වූ දරුවාගේ පියා වන තොටවත්ත බණ්ඩාරගේ අනුර ජයලත් මහතා මෙසේ පැවසුවා. පහර කෑමට ලක් වී ඇත්තේ මගේ පුතා. ඔහු ලස්සන කූඩුවක් පොසොන් කූඩු තරගයට නිර්මාණය කර ඉදිරිපත් කර ත්‍යාග ලබා ගත්තා. මුදල රුපියල් 15,000 යි. එම මුදල් විදුහල්පතිනිය ගත් බව පුතා කීවා. 26 වැනිදා මම සහ බිරිඳ රැකියාවට ගිහින් ගෙදර එන විට පුතා ගෙදර සිටියේ නැහැ.
ඔහු ලිපියක් ලියා තිබුණා. එහි මෙසේ සඳහන් කර තිබුණා. “අම්මේ තාත්තේ ඊයේ මට කූඩුව හින්ද මැඩම් මට පිට්ටනියේ රැස්වීම් ශාලාවේ ඉස්සරහට ගෙනල්ලා හොඳටම ගැහුවා. මට දැන් ඉස්කෝලේ යන්න බැහැ. ලැඡ්ජයි. ඒ හින්ද ගෙදරින් යනවා. මම ආයේ එන්නේ නැහැ. මාව ආයේ හොයන්න එපා. මීට පුතා යෑයි සඳහන් කර තිබුණා. මං ලිපිය බලා කලබල වුණා.
මමත් බිරිඳත් අසල්වාසීන්ද රාත්‍රියේ පුතා හොයන්න ගත්තා. කැලෑවක සැඟවී සිටි පුතාව අප සොයාගත්තා. දොඩන්ගොඩ පොලිසියට ගිහින් පැමිණිල්ලක් කළා. පුතාව පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් ඔහුගේ පිටේ තිබූ වේවැල් පාරවල් හා තුවාල නිසා රෝහල්ගත කරන්න ලිපියක් දුන්නා.
පුතාව 26 වැනිදා රාත්‍රි රෝහල්ගත කළා. මාගේ තවත් දියණියක් දොඩන්ගොඩ නවෝද්‍යා පාසලේ ඉගෙනුම ලබනවා. දියණියටත් මේ නිසා දැන් පාසල් යන්න බැහැ. මගේ පුතාට අමානුෂික ලෙස පහරදීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා.
වයස අවුරුදු 15 ක්වූ බාලවයස්කාර දරුවෙකුගේ භාරකාරත්වය හෝ ආරක්ෂාව දරා සිටිමින් එම දරුවාට වේවැලකින් පහරදීම, අඩත්තේට්ටම් කිරීම, හිංසා කිරීම හා නොසලකා හැරීම යන චෝදනාවලට වරද පිළිගත් මෙම විදුහල්පතිනියට කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එන්.අබේරත්න මහතා විසින් රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් එම දරුවාට ගෙවන ලෙස නියම කළේය. මෙම නඩුව විසඳෙන්නේ දස වසරකට පසු 2023 දෙසැම්යබර් 14දාය.
ඊට අමතරව රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500/ ක් ගෙවන ලෙසත් නියම කළ විනිසුරුවරයා එම මුදල නොගෙවන්නේ නම්, මාස තුනක සුළු වැඩ සහිත සිර දඩුවමක්ද, වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 24 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළේය. විදුහල්පතිනිය ඊයේ (14) දිනයේදීම විනිසුරුවරයා ඉදිරියේ එම මුදල ගෙවා දැමුවාය.
මෙම විදුහල්පතිනියට මෙවැනි ලිහිල් දඬුවමක් නියම කිරීමේදී විනිසුරුවරයා විසින් 2018 වසරේ කළුතර අධ්‍යාපන කලාපයේ හොඳම විදුහල්පතිනිය වීම සැලකිල්ලට ගෙන තිබිණි.
එදා විදුහල්පතිනියගෙන් මේ අන්දමින් පහර කෑ සිසුවා දැන් 25 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ අධ්‍යාපනයට මෙම සිදුවීම හේතුවෙන් බාධා සිදු විය. එහෙත්, ඔහු මේ වන විට වෘත්තීය පුහුණුවක් ලබා තාක්ෂණික ශිල්පියකු ලෙස සුළු පරිමාණ ව්‍යවසායකයකු ලෙස කටයුතු කරන බව සතුටින් සටහන් කරමි.
රජයෙන් වැටුප් ලබමින්, රජයේ දේපලක් වන ළමයින්ට උඹ, බං, බොලන් කියමින් අවමන් කරමින්, ගුටි තලන ලංකාවේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙම නඩුවෙන් වත් පාඩමක් ඉගෙනගත යුතුය. එසේම, මෙවැනි විදුහල්පතිවරුන්ට සම්මාන ලැබෙන නිර්ණායක වහා වෙනස් කළ යුතුය. ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්රමයම වෙනස් කළ යුතුව තිබේ. ඒ සඳහා මේ ළමයාගේ මව්පියන් සේම ඔබ අප ද ආකල්පමය වශයෙන් හැඩගැසිය යුතුය. දැනට ලංකාවේ තිබෙන්නේ අධ්‍යාපනයක් නොවන බව පළමුව වටහා ගත යුතුය. වෙනස් කළ යුත්තේ එතැන් සිටය.
Copied
ප/ලි: හොඳම විදුහල්පති තේරීමේ තරගයක් කලුතර කලාපයේ මෙතුවක් පවත්වා නොමැත. සහන ලබාගැනීමේ අරමුනෙන් එවැනි සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කර ඇතිනම් අනිවාර්යෙන් එය ව්‍යාජ සහතිකයකි.
මෙය සමාජ මාධ්යජාලයතුළින් උපුටා ගන්නක් වන අතර නීති ශිෂ්‍යන්ගෙ පරිශිලනය උදෙසා මෙහි සටහන් යොදමි
0 Comments