උසාවියේ කතා

උසාවියේ කතා

මවගේ පළිගැනීම

  



1980 මැයි 5 වන දින, හත් හැවිරිදි දැරියක වූ ඇනා බැච්මියර්, තම මව සමඟ ආරවුලක් ඇති කර ගෙන පාසල මඟ හැරීමට තීරණය කළාය. ඇනාව දුටු  35 හැවිරිදි මස් වෙළෙන්දෙකු වන ක්ලවුස් ග්‍රබොව්ස්කි විසින් ඇයව රවටාගෙන පැහැරගෙන ගියේ ඔහුගේ නිවසේ සිටින බළලුන් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දෙන බව පවසමිනි. ඔහු ඇනා පැය කිහිපයක් ඔහුගේ නිවසේ තබාගෙන ඇයට ලිංගික අතවර කර අවසානයේ ඔහුගේ පෙම්වතියගේ ඇඳුමකින්  ඇගේ ගෙල මිරිකා මරා දැමීය. මෙම අපරාධය හෙළිවූයේද ඔහුගේ පෙම්වතියගේ සාක්ෂි දීමෙනි.

1981 මාර්තු 6 වන දින, නඩු විභාගයේ තුන්වන දිනය අතරතුර, දැරියගේ මව වූ Marianne Bachmeier Lübeck දිස්ත්‍රික් උසාවියේ උසාවි කාමරයට Beretta 70 වර්ගයේ පිsතෝලයක් හොර රහසේ ගෙන ගොස් ඇගේ දියණියගේ  ඝාතකයා වන Klaus Grabowski  ට පිටුපසින් වෙඩි තැබුවාය. ඇය ග්‍රබොව්ස්කිගේ පිටුපසට තුවක්කුව එල්ල කර අට වතාවක් කොකා ඇද්දාය. වෙඩි පහර හතක් ඔහුට වැදුණු අතර 35 හැවිරිදි විත්තිකරු ක්ෂණිකව මිය ගියේය.


මරියෑන්ට ඝාතන චෝදනා එල්ල වුවද ඇයට තුන් වසරක සිර දඬුවමකින් පසු නිදහස් වීමට ඉඩ සැලසිණි.


මේ එම සිදුවීමේ වීඩියෝ පටයයි.

 

Post a Comment

3 Comments

  1. mothers love is the best love

    ReplyDelete
  2. අම්ම කෙනෙකුට තමන්ගෙ දරුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ

    ReplyDelete
  3. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් මිනී මැරුමකින් වෙනස් වෙන්නෙ කෙසේද? ඒ පෝස්ට් එකත් කියවලා මෙ පෝස්ට් එක කියවන්න කියල ආරාධනා කරනවා

    ReplyDelete