☯️ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් මිනී මැරුමකින් වෙනස් වෙන්නෙ කෙසේද?
( The difference between culpable homicide and murder)
------------------------------------------------------------------------
✡️ මොකක්ද මේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය?
දණ්ඩ නීති සංග්‍රහයේ 293 වන වගන්තියේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මෙසේ විස්තර කරයි.
"293: මරණය සිදු කිරීමේ අදහසින් හෝ මරණය සිදු විය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් සිදු කිරීමේ අදහසින් හෝ තමා සිදු කරන යම් ක්‍රියාවකින් මරණය වීමට ඉඩ ඇති බව දනිමින්ම යම් ක්‍රියාවක් කිරීමෙන් මරණය සිදු කරන තැනැත්තෙක් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීම්මේ වරද සිදු කරයි".
✡️ මිනීමැරුම
මිනීමැරුමද එක්තරා අන්දමක සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකි.නමුත් මිනීමැරුම අතිශය බරපතළ ස්වභාවයක් ගනී. දණ්ඩ නීතියේ 294 වගන්තිය තුළ මිනීමැරීම පිළිබද පෙන්වා දේ.
☯️ නමුත් කිසියම් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් මිනීමැරුමක් ලෙස නොසළකයි..!
-----------------------------------------------------------------------
ඔව් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් මිනීමැරීමක් වෙන්නේ නැත. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් මිනීමැරීමක් ලෙස #නොසැළකිය යුතු අවස්ථා(ව්‍යතිරේක) 5 ක් ද.නී.ස 294 වගන්තිය තුළ පෙන්වා දේ.. එනම්..
01.බරපතළ හා හදිසි ප්‍රකෝප කිරීම
02.පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම.
03.රජයේ සේවකයකු තමා නීත්‍යානුකූලව බැඳී සිටින ක්‍රියාවක් යැයි විශ්වාස කර මරණය සිදු කිරිම.
04.හදිසි සටනකදී දබරයකදී හෝ කෝපය ඇවිස්සුනු අවස්ථාවක කෲර ලෙස හෝ අස්වාභාවික ලෙස ක්‍රියා නොකර මරණය සිදු සිදු කිරීම.
05.වයස මාස 12 කට අඩු දරුවෙකුගේ මව විසින් අධික තෙහෙට්ටුව නිසා දරුවා මරණයට පත් කිරීම.
එම නිසා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් මෙම අවස්ථා පහෙන් එකකට ඇතුලත් වෙයි නම් එය මිනී මැරුමක් නොවේ.
#දඩුවම
-----------------------------------------------------------------------------
මිනීමැරුම(MURDER) හා මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය (CULPABLE HOMICIDE)
නම් වැරදි 2 දෙක අතර වෙනස වඩා ඉස්මතු වන්නේ දඩුවම් නියම කිරීම සම්බන්ධයෙනි.
♨️ දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය අනුව මිනී මැරුමට දඬුවම මරණීය දන්ඩණයයි.
(NO EXCUSES)
♨️ මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට දඬුවම වසර 20ක් දක්වා කාලයක් සිර දඩුවම් (බරපතළ සිර දඬුවමකට හෝ ලිහිල් සිර දඬුවමකට) හා දඩයකි.
(ද.නී.ස. 297 වගන්තිය)
#නිගමනය:-
--------------------------------------------------------------------------
ඉහත කරුණු කාරණා වලට අනුව මිනීමැරුම වනාහි සාවාද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වඩා අතිශය බරපතළ කාරණයක් බව පැහැදිලිය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වැරදි කරු වූ අදාළ චූදිතයෙක්ට යම් ලිහිල් බවක් (EXCUSES) යම් මට්ටමකින් ලැබෙන අතර මිනීමැරුමකට වරද කරු වූ චූදිතයෙකුට කිසිදු ලිහිල් ස්වභාවයකින් තොරව මරණ දණ්ඩනය හිමි වේ.
2 Comments
හොද පැහැදිලි කිරීමක්
ReplyDeleteGoood
ReplyDelete